වැහි පොදට ගුලිවෙන
හීන පිරි යාමෙක
තුෂරයක පා වෙවී
ගියෙමි ලන්ඩන් පුරයට
සීතලට ගල් වුණ
හුදකලා නිවෙසක
සෙනෙහසක් තනිවම
සිහිනයක් ගැන පවසන
ඉල් මහට වැඟිරෙන
හීන් පොද කඳුලට
ළමැද ගිනියම දොවයි
නෙත් කෙවෙණි දෙකකට
කවුළුවෙන් පිට වෙන
හදේ දුක් ගිනි කඳ
සිහිල් සුළඟක් ලෙසින්
නිවන්නෙමි ළබැඳිව.