පිනෙන් පින්වත්
වන්ට නොහැකිය
පෙමින් පෙම්වත්
නොවු නිසා මම
සඳ දියෙන් නාවලා සුදු ගවොම අන්දවපු
පිච්ච මල සිනා සේ පිනි පොඳින් වත පිරුණු
සුළඟ මල වටේ කැරකෙමින් මලට සිත බැඳපු
කැකුළු මල් කුමරියකි මඟුල් නැකතින් පිපුණු
වැව් සුළඟ සුසුම්ලන
කහපාට සැදෑවක
අඳුරු සෙවනැලි මැවේ
ඉහළ බොල්ගොඩ වැවක
රනින් ලියකම් අතුල
බසින හිරු රැස් වළලු
මවයි වැව් මනාලිය
මාල හත පළදවපු
කුඹුක් අතු වැව සිඹින
අඳුරු සීතල රැයක
පුර හදක් මෝදු වෙයි
ඇසළ මහ කියන්නට
සුදු නෙළුම් මල
ඇතැති ලිය වෙත
පෙම්පුරා සිත්
පහල කළේ කිම?
ලොව්තුරා සුව
සුවඳ විඳිනට
නෙළූයෙමි මම
සුදු නෙළුම් මල
නෙළූ නෙළුමට
පින්න ඉසිමින
මහද පිබිදූ
පිනිඳු වූ ඔබ
පර මලක් ලෙස
හිඳිමි අද මම
පින්න නොවැටෙන
ගිම්හානේ....
මව් සෙනේ ගුණ
ළය පුරෝ ගෙන
ඔබට පිදුවෙමි
මවක විලසින්
නුඹේ දුක ගෙන
මගේ හද තුළ
තබා සැනසූ
මම
ඔබේ නොව..
සොඳුර ඔබ සිත
මට දයා වී
පෑ සෙනේහෙට
වරම් නොවුණද
හිඳිමි නොබැඳිව
ළබැඳි සෙනෙහෙන්
වරම් දෙන තෙක්
මතු භවේ....
වේලා පත්කඩයත් ගෙන
ගොනු වීලා කුස්සියකට
දෙන්නා එක්කල තරඟෙට
කුටු කුටු කුටු
මහ සද්දෙට..
'දූට අපල එක දිගටම
විවා දෝෂයොත් යහමෙට'
අම්මා කොඳුරයි හෙමිහිට
'දෙන දීගයකුත් හරියට
ගලපා කල යුතු ය හොඳට'
තාත්තා පවසයි තදේට
ඔහොම ඉතින් මතුරනකොට
මාත් කේන්දරෙ බැලුකොට
අපල නේන්නම් හොඳටම!
දොස් නඟන්නෙ හැම විට මට
බඳින්නෙ නෑ නිසි වයසට
ගන්නේ නෑ එය වගකට
හැට පැයේම
කොඳුර,කොඳුර,
මතුර,මතුර,
ජප කරනා
එක ම අපලෙ
'විවා වීම...!'
සඳ පිපෙන
පිනියාමෙ
පින්න මලක්
පින්නෙන්
පිබිද
පිපෙයි තනිවම
ඇහැකට - නො පෙනෙන
කනකට - නො ඇසෙන
දෑතට - නො ගැනෙන
එක තැන - නො සිටින
එහෙ මෙහෙ - විසිරෙන
හිත
ඇහැට කනට
පෙනෙන දෙයට
හලමින් කෙළ
ලොබ බැඳි විට
අල්ලන කොට
ගිණි වගුරන
හිත
පැත්තක ඉදගෙන කරනා
දීන-අමන-ජඩ වැඩ ටික
අපිත් ඉතින් උඩදාගෙන
හිතත් එක්ක එකතු වෙලා
හිත හිත කොරනව ගොන්කං
හිතට සතුට ලැබෙන නිසා
සිහිල් සඳ
පවනැල්ලෙ
ලදළු නුග
සෙවනැල්ලෙ
පිනි විසුළ
උඳුපිල්ලෙ
සා මුවන්
කෙළිදෙල්ලෙ
ගස් අතරින්
හෙමින්සැරේ
කහපාටට
පායන සඳ
කුලුදුලේම
දැක්ක ගමන
කුලුදුල්
පොඩි රෑහි බබුගෙ
කටින් පැන්න
හිනාවෙ හඬ
පවසා හිනැහෙයි
රෑහැයියො
හැමදාකම
රෑට රෑට...
සල්ලි දීල ඉගගෙන ගන්න
කොළඹට යන ගමේ ළමයි
ඉඳහිට ගමකට ඇවිදින්
ගමේ කෑම අතගාමින්
කන බත් පත දෙස බලාන
'අම්මෙ, ඔහොම කතහැකිවෙද?
පිට්ටු එක්ක මී කිරි හෙම????'
'කුරක්කනේ පිට්ටු එක්ක
මී කිරි මෙහෙ ප්‍රිය කෑමක්
මේ රුහුණේ වැසියන් හට!!!'
(කැල්සියම්..+කැල්සියම්...
= අස්ථි සවිමත් වෙන්න)
අනේ කොල්ලො රුහුණෙ වෙලත්
නොදන්න හැටි රුහුණු කෑම
කන්න ඉගෙන ගනින් ඉතින්
නැතොත් තොපට නැතිය හෙටක්!
උලයි නෙක වර්ණයන් - පැහැ දි දී ඇඟ පුරා
අඳියි ඇඳුමන් බෝම - පසිඳුරන් පිනවෙනා
නටයි නැටුමන් මිහිරි - තාලය ද වරදවා
බලයි උන් රඟන දෙස - සිනාසී කෙළ හලා
වැහි දවසක
උණු දුම් ගුලි විසිවෙන
කහට තේකක
කූඹි ජෝඩුවක්
නිදහසේ
පාවෙන
අපූරුව...
පුස් ගඳ හමන,
අව පැහැ ගැන්වුණු
දාඩියට පෙඟුණු
සුගතපාල ද සිල්වගෙ
'හතර වැනි තට්ටුව'
ළඟ
පාන් සමඟ
පරිප්පු පිඟානක්
ලෙවකමි...
මහ රෑ ජාමේ
පිජාමා ඇඳ ගෙන
ජාම බේරගන්න
ජමරාමෙට
ජල්ලි අල්ලන
ජුවානිස් අප්පුලා
ජොසපින් නෝනලා