Friday, February 26, 2010

කැඩුණු කුඩවල නන මහන මහතා


ගාලු පාරේ කොන්ක්‍රීට් ගැලවුණු
පදික වේදිකාවේ
කොනක
නන කැඩුණු
කලු කුඩේ යට
කැඩුණු කුඩ වල
නන මහන
ඒ මහතා
සමඟ
මා
හිනැහුණා..
"පව් අහිංසකයෙක්"


ඔහු
මා සිනාව
මවිත දෑසින් බලා
හිනැහුනා,
ඉවත බලාගෙන..


"නෝන්ජල්කාරයෙක්!

ජංගම කන්දොස්කිරියාව


එයාගෙ ලෝකයේ ඉඳගෙන
ගීයක්
උරුවම්බායි,
ජංගමයා
~~~
එකම සිංදුව

එක

දි



.
.

.
.

කෙනිත්තුවේ
වැරෙන්..
නතර කරන්නට ඔය

කන්දොස්කිරියාව!!!!

ලෝකෙ වැඩ ගොඩ ගැහිලා
මූ
මෙතන ඉඳන්
ජොලිය දාගෙන..!

"ඉන්න ටිකේ ඉම්මු සුදෝ~ ජොලිය දමාලා"

ආච්චිගෙ රෙද්ද!!
හිතට නිදහසක් ගන්න
ඉඩ දෙන්නෙම නැද්ද දෙයියනේ?
උඹට විතරක් විනෝදේ
එතකොට
අපේ පරමානන්දෙ
උඹේ ඔය කන්දොස්කිරියාව
අහගෙන ඉන්නඑකද ?

අනුන්ගෙ කතා රුදාවට
උඹ උරුවම්බාන්නෙ මොකටද?

~~~
ඔය ආයෙත්..!
කනකට ගන්න එකෙක් යැ


මො න ම ඟු ල ක් ද දෙ යි ය නේ.......!

හිටපන්..
තද කරනව උගුරු දණ්ඩෙන්ම
සයිලන්ස් වෙන්නම!



දැන් හරි!

"මකුළු දැල"

බිත්ති දෙක
|
යා කරල
හරි අපූරුවට වියපු
මකුළු දැල දිහා
මම බලා උන්නෙ
කවියකට හොඳ
නිමිත්තක්

"මකුළු දැල"

...දැක්කෙ
අහම්බෙන්
දැල වියූ

මකුළුවා

ඌ,
මා දිහා බලල
සමච්චලේට වගේ
හිනා උනා..
'මොකෝ?'
කියල
වැඩක් නැති උනත්
ඇහෙන
නෑහෙන

ගානට මට
එහෙම කියවුණා..

'දැන් ඔය
ලියලා තියෙන්නෙ
දැල ගැනද?
නැත්තං
මකුළුව ගැනද?'


>අඩුවිහිදාගෙන<
හිනා උනු ගැම්මට
මුළු දැලම හෙල්ලුනා...





Tuesday, February 16, 2010

දවසක් දා හැන්දෑවක - කුළුදුල් පෙම් මිහිර


දවසක් දා හැන්දෑවක
පත් ඉරුවක් මත හිස ඔබාන
කියෙව්වෙමි
රසික ජයකොඩියන් ලියූ
"දවසක් දා හැන්දෑවක...."

ඔහුගෙ පන්හිඳ
ප්‍රේමය සොයා යන සඳ
ඇහින්දෙමි
නෑඹුල් පෙමක අරුමය

ප්‍රේමයෙන් පෙම්වත් වන
පද වැල් අතරට හිත යන
ඒ කුලුදුල් පෙම් මිහිර
විදගත්තෙමි
සිනහ වී තනිව...


පින්වත් පෙම


පින්නෙන් පීදුන
පිනිඳු පිපුන
පින්වත් පුන් දින
පිදූ පෙමක පින...

සෙත් පිරිත


අරුණළ'ලු පැතිරෙන

හිමිදිරි උදයක
තුන් පිරිත් ඇසෙනා පැයේ
මුතු පිනි විසිරුණු
කොඳ මල් නෙළමින
පැතූවේ සෙත ළබැදියේ


Sunday, February 14, 2010

විහඟ ගීයක වස්දඬු රාවේ



විහඟ ගීයක
මිහිරි ගී නද

විසිරුණේ මල් කෙමියකින්
සිලෝ ගීයක
ඇමිණු පෙම් පද
නාද දේ වස්දඬු මුවින්
වැලි තලාවක
ලහිරු කැන් වැද

සෙනේ මඬලක් තනවමින්
දෙලෝ දෙවොලෙක
සුරලියක වෙද
රඟන සේ සඳ කින්නරුන්?

අහෝ වැලන්ටයින්


පාගලා පැඩ්ල් එක
ඇරලා- ආවා ට
වැලන්ටයින් කාඩ් එක
ඔහු දීල, කලින් මට
!

ගොපල්ලා සහ කිරිකෙල්ල



Friday, February 12, 2010

සෙනේ වැලැඳි නිල් මානෙල්




නිල් අරණේ සුළං සැරේ
සිලි සිලියේ සැලෙන්නේ
හදින් හදට මිමිනූ පෙම්
පිළිසඳරයි මැවෙන්නේ

නිල් අහසේ කැටි වලාව
හැඩ මවමින් ඇදෙන්නේ
තණ බිස්සේ දිගා වෙලා
හද සුළඟට අරින්නේ

නිල් දියවර සීතල යට
කිමිද කිමිද බලන්නේ
නිල් මානෙල් මල් යුවළක්
සෙනේ වැලඳ සිටින්නේ

හෙළය

හෙළ කමක් හදවත දරා ගෙන
හෙළ වෙතොත් හෙළ, මව් බිමෙන්
හෙළු හෙළේ, හෙළ රණ විකුම් පා
හෙලු හෙලන්නට රුපුනොදුන්

හෙළ දැයේ වූ හෙළ පුතුන් හෙළ
හෙළ බසින් හෙළයෝම වෙත්
හෙළදිවේ හළ හෙළූ දහදිය
හෙළන්නේ හෙළයෝම වෙත්

හෙළ පුතෙක් දස මසක් කුසහොත්
හෙළේ හෙළ කත පින්බරයි
හෙළ පුතෙක් හද පිරූ පෙම්වත්
හෙළේ හෙළ කත පෙම්බරයි

Thursday, February 4, 2010

හද නිවස


කී කල ඔහු හද තුළ

නවාතැන් ගන්නට
ඔහු හද

මට සුදුසුම තැන බව දැන
සෙනෙහසින්

නවාතැන් ගතිමි...