Thursday, October 21, 2010

දුකට කියන කවි



ගසා ගෙන ගිණි මැලක්
කවි කියමි, හඳ පහව යන තෙක්
හද පලන ලෝ ගිනි වැලක්
හඳේ ගොස් එහි ලැඟුම් ලන තෙක්..

ගින්නකින් දැවි දැවී වැනසුණ
අළු මතින් ඉපදෙන්න තතනන
අවසරයි ෆීනික්ස් කිරිල්ලිට
මතකයන් ළඟ තබා ගන්නට..