Tuesday, May 15, 2012

තුෂර පත් මතට මල්පෙති පතිත විය - කාලය කැරකිනි රවුමට..















තුෂර පතක නැඟි
හීතල සුසුමක්
පාවි පාවී ඇවිත්
ගොඩබැස්සා හෙමින්,

ළතෙත්ලන්තෙට..!

ඈත - මෑත බලා දුටු
රතුපාට පොඩි පැලක්!
දැල්වෙන ගිනි එළියක්?

සුසුම සුසුමක් හෙළා
පැලට ගොඩ වී අසයි
ගල් ගැහෙන සීතලකට
නැද්ද ලොකු උණුහුමක්?

ගිනි සිළු දැල්වී
ලොකු උණුසුමක් දුණි
සීතල සුසුම උණු වී
තව උණුහුමට ළං වුණි..

ගිනි දැල්ල සතුටින්
සුසුමට ළබැඳි වි ය
සුසුම පණ නැඟී
උණුහුම සමඟම ය..

* *
තුෂර පත් මතට
මල්පෙති පතිත විය 
කාලය කැරකිනි
රවුමට.. 
* *

"ළතෙත්ලන්තයේ වසන්තය මේ...!!"

ප්‍රාණවත් සුසුම
උණුසුම මෑත් කොට
යා යුතු බව කීය
තව දුර..

ගිනි දැල් නැඟී
අයැදීය සුසුමෙන්
දැල්වීමට තවත්
ජීවන සුස්මක්...!

සුසුමද දයාවෙන්
ගිනි සිළ වෙත පැමිණ
නිදහස් හුස්මක්
තෑගි දුන්නා ඇයට..

(උතුරු වලසා තරුවෙන් බැස
දකුණු අහසට විත්
ග්‍රීෂ්මයෙ දොරට 
තට්ටු දමනා රැයක
සුසුමක තුරුලේ හිඳ ලිවීමි...)