පායන අහස් ගිනි එළිය
කැටයම් කුලුණු සිපගෙනය
විටක දෙවිටක පියඹන
පක්ෂියෙක් නැත ගුවනත
පරිසරය නිසසල
නිල් දිය ද සීතල
තුරු වදුළු මත කැදැළි සෙනෙහස
උණුසුමින් ළය තද කර
පොලෝතලයන් දැල්වී
මාරුත සිහිල කැළැඹී
මනස් ගෙඩි කළුවකින් ගැස්සී
විලෝපියෝ කෙළි රඟතී
ළහිරු පෙරදිග නැඟ
බටහිර දෙසට පැද්දෙන
සොයමින්, වපුළ අපුල බිජු
හිරු දේ අවකැපෙන පණ
ජාලයට අසුවූ
අජාලික බිලිදු
මනැස් කළුවන් අතින් දූලිව
ඉහළ සුව ගැබ යන රූ