Thursday, November 21, 2013

ගාමිණී ඔබ නමින් වැයූ, කොකතද වෙණ නද සිඳී ඇත අද










මණ්ඬුක නළා හඬ
සුමුදු ගුණයෙන් දැරූ,
හිරුත් දුටු සියපත් රුව
මා ප්‍රේම මියැසිය කන් යොමා නැත අද

ඇල් වී කෙත බඩ
කුඹුක් සෙවණැලි අතර
සෙවූ රන් මිණි උකුලත
සිහසුන් නැඟ ගත් සිහින දැක ඇත

'කණ්ඩුල' පා පියුම වැඳ

පිදු රජ කම ඔබට
බෝ පත් සෙවනක් යට
රන්වැලි සෑ රජුට කොත් පළඳා ඇත

රැව් දුන් හඬ සිදී

නාද වූ වෙණ තත් බිදී
ගාමිණී, ඔබ නමින් වැයූ
කොකතද වෙණ නද ද සිඳී ඇත අද

රණ ගොස ගුවනේ පා වී

මල්වැසි වස්සයි සාදු කාරය
ශාරදා මම්, වයන්නෙම්
රණවිරු මියැසිය ඔබ නමින් අද



කත්‍යූෂා ඇගේ නැඟණී - මා සොයා ආ සෙබළී







කත්‍යූෂා- ඇගේ නැඟණී
සීත හිම අතර තනි වී
සිංහ සමක - උණුහුම් සොයන්නී
කත්‍යූෂා ඇගේ නැඟණී

මරීනා ඔබ ඉවත ලූ
හද ඇහිඳ වලසා පිදූ
කාලින්කා නැටුමට  එක් වූ
කත්‍යූෂා මා හද පිදූ

කත්‍යූෂා ඇගේ නැඟණී
මා සොයා ආ සෙබළී...

සිහල විරිතට ගී තනන්නී
මරීනා වයපන් බැලලයිකා
කත්‍යූෂා හා කලින්කා නටන්නට
වයපන් සිංහල බැලලයිකා

Sunday, August 4, 2013

කුරුළු ළමාතැන


"කුරුළු-ළමාතැන"
මගෙන් නම් ලද
කුරුමිණිය ඔබ,
සුමුදු පෙති පහස යට,
සර්වබන්ධන ව.

මල නම්, ශුද්ධ ය,
ගන්ධය සුගන්ධ ය,
බුද්ධ පූජා ය.

ශුද්ධය ඇත්තේ අශුද්ධය
ගන්ධය ඇත්තේ දුගන්ධය
බුද්ධ කාය ද දුක්ඛ ය
එහෙත් මල , ඔබෙහි සැපත ය.

පිච්ච මල ඔබ - රුවැති
බුදු පා පිදුමට ගැනෙති
නිකෙලෙස් පැහැ ලැබති
දිනක රුව ගුණ නැසෙති

'න හරාමි
න භඤ්‌ජාමි,
ආරා සිඞ්‌ඝාමි වාරිජං '

දැඩි බැඳුමකි
මා ගිලිහී වැටීමට නොදුන්
එහෙත් නොබැඳෙමි

ලෙහෙමි
වැටෙමි
එහෙත් නොමැරෙමි.

කඳුලින් කැඳලි සෝදක


පතොක් කටු විසැති
ඒ මත නැඟී රුවැති
කටෙහි කෙළ හිඳෙති
'සුන්දරය' මා වෙළති..

බලා නො-ඉන්
එමි පියඹන්
නුඹේ බිරින්
ගනු තුරුළින්

පතොක් ගහ උඩ කැඳැල්ල
නුඹෙ රුවැත්තී  ගනිල්ල
රුවට රූ ගැනිල්ල,
සුරතල් පැටව් තැනිල්ල

විසෙහි විස නොහැඳුනන්
ආදර විසෙන් පැහැදුණන්
පෙම්බරව නොතැකුවන්
පතොක් කඳ මත සීන වපුරන්

හිඳීම විසකුරු විය
දැකීම විසකුරු විය
ගැයීම විසකුරු විය
ඇඬීම විසකුරු විය

සුන්දරත්වය නැති විය

ගිනි කුරුල්ලෙකි
සුලලිත
සායම් ඔබ්බවා හැඩැති

කිරිල්ලන්
විසෙහි පටලන
නො හැඳිනීමි කුලය
(Kandulin Kendali Shodaka)
රතු පාට වූ පමණින්.