Thursday, July 10, 2014

කලු ඇග්නස්! - අර්තාගේ බැළ මිතුරිය ඇය!

























එක්තරා සරත් සමයක
හැගුමින් පිරුණු දවසක
මේපල් තුරු මුලක් අස
'කලු ඇග්නස්!
ආර්තාගේ බැළ මිතුරිය ඇය!'

'එඩ්වඩ් හා ආලය පෑ
ඌස් නදී තෙර අසබඩ
ආර්තාගේ රහසක් ඇත
ඔබ හා  කීමට'

'අහස් වියනේ අනිත් කෙළවර
අමෘත රස වයින් ජෝගුවක
එඩ්වඩ් ආර්තාගෙන් සොරාගත්
හදවතක් ඇත සුරැකිව!!'

මේපල් පතක නැගි ඔරුවක
පුංචි කුහුඹුවෙක් තබාගෙන
යන්නට හැකිද අපට
හද ගත් සොරා ඇය පා තැබුමට?

Friday, June 6, 2014

සෙල්ලම් ලෝකය



















කපුටු කාක් කරච්චලයට
උදෑසන ඉර එළිය
එලවයි පුංචි පිනි බිද
මල් පැටික්කි බුම්මගෙන ඒකට

කාක හඩ පරදන්නට
අවදි වී ළමෝ කැළ
වසු පැටව් සමග කිරි බී එකට
දුව යන්නෙ ගග අයිනෙ සෙල්ලම් පිටියට

හැංගි මුත්තො සෙල්ලමයි ප්‍රියතම
දෙල් ගහට මුවා වී කරන
ඔට්ටුයි අල්ලගන්න බැරුවට
මම ඉන්නෙ නුග ගහේ මුදුනෙම

මේ නම් ළමා වයස
පොඩිත්තන්ගේ සෙල්ලම් ලෝකය
මුන් දනී නම් බර කම
පොලොව පිස එන සුළගට තිබෙන

කෙළි සෙල්ලම පොඩි සන්දියේ විනෝදය
වයසට යන විටද මග නෑරෙන
දෙල් ගහ සිතයි සීරුවට
උපේක්ෂාවෙන් නෙත් වසාගෙන...