Friday, June 6, 2014

සෙල්ලම් ලෝකය



















කපුටු කාක් කරච්චලයට
උදෑසන ඉර එළිය
එලවයි පුංචි පිනි බිද
මල් පැටික්කි බුම්මගෙන ඒකට

කාක හඩ පරදන්නට
අවදි වී ළමෝ කැළ
වසු පැටව් සමග කිරි බී එකට
දුව යන්නෙ ගග අයිනෙ සෙල්ලම් පිටියට

හැංගි මුත්තො සෙල්ලමයි ප්‍රියතම
දෙල් ගහට මුවා වී කරන
ඔට්ටුයි අල්ලගන්න බැරුවට
මම ඉන්නෙ නුග ගහේ මුදුනෙම

මේ නම් ළමා වයස
පොඩිත්තන්ගේ සෙල්ලම් ලෝකය
මුන් දනී නම් බර කම
පොලොව පිස එන සුළගට තිබෙන

කෙළි සෙල්ලම පොඩි සන්දියේ විනෝදය
වයසට යන විටද මග නෑරෙන
දෙල් ගහ සිතයි සීරුවට
උපේක්ෂාවෙන් නෙත් වසාගෙන...