Friday, August 4, 2017

එක්තරා දුර කඳු අතර
රිදී නිම්නයක,
හමුවිය මට ගොනු..
කෙවිටක් නැති බැවින්
විඩාපත් වී මුලා වුණු..

කඳු යාය අතරින්
නිස්සාර හුළඟක ඝෝෂාව!
ගොපලුවෙක් වී වැයුවෙමි
රස හඬවන යස මුරලි නඳ!
ගොනුද සංසුන්ව ලැඟී.

රෑ ගණනක් තරු එළි බලා
මේ කඳුද, දුර කඳුද පසුකර
යාමට නියමිත ඉමක් ඇත..
වෙහෙසද දැන් මාධූර්‍යයක් වී,
මා ගොනු රැගෙන යමි
එතෙර ඉම දුර නැත!


Monday, May 22, 2017

මහ දහමක් සැඟවූ ශිල්ප ලොවක්

පොම්ජු වන් වන් සීරෝ ටූ (POMJU1102)
වෙමි.
ආවෙමි 
මුලා වී
නිල් පැහැ මැකී
අළු පෑ වූ ලොවට!
අසා තිබුණෙමි. 
ඒලියන් මුත්තා කී
රස කතාවේ 
ග්‍රහලොවක් ගැන!
පෘථිවි ලොව!!
එය අපූරු නිල් ග්‍රහ ලොව
නිල්කැටේ ජල 
නෙත් උළෙලක් වූ හරිත වන!!
ශිල්ප පෙරළියක්,
මුලට පැමිණිය දින
හෝමෝසේපියන්' සේපියන්' නම,
නමට ගැලපෙන වැඩෙහි නොයෙදුණ!
පොම්ජු වන් වන් සීරෝ ටූ (POMJU1102)
වෙමි.
පළා යමි
මුලා වී,
ශිල්පායිත්තමින්
ගල් ගැසුණු 
මහ දහම සැඟවෙනා ලොවකින!