Thursday, January 13, 2011



සෙනේ හදකට සෙනේ පිදුමක්
වුවත් පින්වත් සිත් ලෙසින්
බයක් ඇත නුඹ ලැබෙන්නැති වෙද
සැඟව එන අන් වරදකින්

කමක් නැත්නම් කියන්නෙම් මම්
හදින් නැඟෙන මහමෙරක සෙනේ
ලොවක් නැති මෙන් හැඟෙන්නෙන් දැන්
ඉතින් වාවනු කෙලෙස සිතේ

Monday, January 10, 2011



කණා මැදිරි එළි පොකුරු පිපී ඇති
ඈත බිග්බෙන්පුර පුරා
සෙනෙහස් සුළඟක් සෙනේ උතුරන
තේම්ස් නදියට ළං වුණා
රැයක තරුකැට එකින් එක ගොස්
වළාරොඳකට සැඟවිලා
ළබැඳි හදකට සෙනේ පිරුමක්,
කියා තුටු වී හිනැහුණා

Thursday, November 25, 2010













වැහි පොදට ගුලිවෙන
හීන පිරි යාමෙක
තුෂරයක පා වෙවී
ගියෙමි ලන්ඩන් පුරයට

සීතලට ගල් වුණ
හුදකලා නිවෙසක
සෙනෙහසක් තනිවම
සිහිනයක් ගැන පවසන

ඉල් මහට වැඟිරෙන
හීන් පොද කඳුලට
ළමැද ගිනියම දොවයි
නෙත් කෙවෙණි දෙකකට

කවුළුවෙන් පිට වෙන
හදේ දුක් ගිනි කඳ
සිහිල් සුළඟක් ලෙසින්
නිවන්නෙමි ළබැඳිව.

Thursday, November 18, 2010

කාලිනේමි- මානි පෙම් වත



අශෝක උයනේ ගල්තලාවක
දිගෑදී, පුර සඳකි ඉහළත
කාලිනේමිය පවසන්න මට
පුරසඳේ පළිඟුවේ විස්තර?

වීණා තත් ලෙලවමින් රාවණ
වයන මීරි නාදයේ මඳ නළ
රිදී සඳකැන් මත නැඟී ගෙන
පාව එන යාමයකි, මේ සුබ!

පළිඟු දිස් දෙන නුවන් කැල්මෙන
සඳ රැසින් නා ළපළු සිඹිමින
මුණින් දැහැනින් මුදා හර බැඳි
බඹුන් මැව් නිමැවුමක්ද මානිය?

නිසසලේ පාවෙන වලාකුළ
සඳේ කැල්මෙන් හද පුරෝගෙන
හෙමි හෙමින්විත් සඳ වසාගෙන
නික්මුණා සඳ සිහිල විදගෙන

පිපෙන කඩුපුල් මලක් නොදැනම
නටුව ගිලිහී වැටෙයි අකලට
සඳුන් ගසකට ඉවස ගන්නට
බැරුව හැඬුවා වරද දැන දැන

නැකැත් අහවර තරුව බැසගිය
මළ අඳුර දස අතින් පැතිරෙත
ළසෝ සෑයක දැවි දැවී මම
දැහැන් ගත වෙමි මතක විඳගෙන

අඳුරු ඡායාව


Thursday, October 21, 2010

දුකට කියන කවි



ගසා ගෙන ගිණි මැලක්
කවි කියමි, හඳ පහව යන තෙක්
හද පලන ලෝ ගිනි වැලක්
හඳේ ගොස් එහි ලැඟුම් ලන තෙක්..

ගින්නකින් දැවි දැවී වැනසුණ
අළු මතින් ඉපදෙන්න තතනන
අවසරයි ෆීනික්ස් කිරිල්ලිට
මතකයන් ළඟ තබා ගන්නට..

Saturday, May 8, 2010

පිනෙන් පින්වත්
වන්ට නොහැකිය
පෙමින් පෙම්වත්
නොවු නිසා මම

මඟුල් නැකතින් පිපුණු කුමරිය



සඳ දියෙන් නාවලා සුදු ගවොම අන්දවපු
පිච්ච මල සිනා සේ පිනි පොඳින් වත පිරුණු
සුළඟ මල වටේ කැරකෙමින් මලට සිත බැඳපු
කැකුළු මල් කුමරියකි මඟුල් නැකතින් පිපුණු

Tuesday, May 4, 2010

නික්මීම



වැව් සුළඟ සුසුම්ලන
කහපාට සැදෑවක
අඳුරු සෙවනැලි මැවේ
ඉහළ බොල්ගොඩ වැවක

රනින් ලියකම් අතුල
බසින හිරු රැස් වළලු
මවයි වැව් මනාලිය
මාල හත පළදවපු

කුඹුක් අතු වැව සිඹින
අඳුරු සීතල රැයක
පුර හදක් මෝදු වෙයි
ඇසළ මහ කියන්නට

සුදු නෙළුම් මල
ඇතැති ලිය වෙත
පෙම්පුරා සිත්
පහල කළේ කිම?

ලොව්තුරා සුව
සුවඳ විඳිනට

නෙළූයෙමි මම
සුදු නෙළුම් මල







නෙළූ නෙළුමට
පින්න ඉසිමින
මහද පිබිදූ
පිනිඳු වූ ඔබ
පර මලක් ලෙස
හිඳිමි අද මම
පින්න නොවැටෙන
ගිම්හානේ....

මව් සෙනේ ගුණ
ළය පුරෝ ගෙන
ඔබට පිදුවෙමි
මවක විලසින්
නුඹේ දුක ගෙන
මගේ හද තුළ
තබා සැනසූ
මම
ඔබේ නොව..

සොඳුර ඔබ සිත
මට දයා වී
පෑ සෙනේහෙට
වරම් නොවුණද
හිඳිමි නොබැඳිව
ළබැඳි සෙනෙහෙන්
වරම් දෙන තෙක්
මතු භවේ....

Sunday, May 2, 2010

හෙළේ හෙළුවෝ


දුගියෝ


ඒරාශ්ටක අපලය

වේලා පත්කඩයත් ගෙන
ගොනු වීලා කුස්සියකට
දෙන්නා එක්කල තරඟෙට
කුටු කුටු කුටු
මහ සද්දෙට..

'දූට අපල එක දිගටම
විවා දෝෂයොත් යහමෙට'
අම්මා කොඳුරයි හෙමිහිට

'දෙන දීගයකුත් හරියට
ගලපා කල යුතු ය හොඳට'
තාත්තා පවසයි තදේට

ඔහොම ඉතින් මතුරනකොට
මාත් කේන්දරෙ බැලුකොට
අපල නේන්නම් හොඳටම!

දොස් නඟන්නෙ හැම විට මට
බඳින්නෙ නෑ නිසි වයසට
ගන්නේ නෑ එය වගකට

හැට පැයේම
කොඳුර,කොඳුර,
මතුර,මතුර,
ජප කරනා
එක ම අපලෙ

'විවා වීම...!
'



සඳ පිපෙන
පිනියාමෙ
පින්න මලක්
පින්නෙන්
පිබිද
පිපෙයි තනිවම

හිත


ඇහැකට - නො පෙනෙන
කනකට - නො ඇසෙන
දෑතට - නො ගැනෙන
එක තැන - නො සිටින
එහෙ මෙහෙ - විසිරෙන

හිත

ඇහැට කනට
පෙනෙන දෙයට
හලමින් කෙළ
ලොබ බැඳි විට
අල්ලන කොට
ගිණි වගුරන

හිත

පැත්තක ඉදගෙන කරනා
දීන-අමන-ජඩ වැඩ ටික

අපිත් ඉතින් උඩදාගෙන
හිතත් එක්ක එකතු වෙලා
හිත හිත කොරනව ගොන්කං
හිතට සතුට ලැබෙන නිසා

සඳ පවනැලි යට සා මුව කෙළි දොළ


සිහිල් සඳ
පවනැල්ලෙ
ලදළු නුග
සෙවනැල්ලෙ
පිනි විසුළ
උඳුපිල්ලෙ
සා මුවන්
කෙළිදෙල්ලෙ

රෑහි නඳ


ගස් අතරින්
හෙමින්සැරේ
කහපාටට
පායන සඳ
කුලුදුලේම
දැක්ක ගමන
කුලුදුල්
පොඩි රෑහි බබුගෙ
කටින් පැන්න
හිනාවෙ හඬ
පවසා හිනැහෙයි
රෑහැයියො
හැමදාකම
රෑට රෑට...