පීත වර්ණයෙන් නැඟී
බෝධි වෘක්ෂ පූජ හාර
බුද්ධ ධම්ම නමදිමී
ක්ලේෂ නස්න මන්ද හාස
බුද්ධ දේහ එළි දිදී
ඥාන සීල ගුණ සුගන්ධ
දම් තෙජස් ලෝ පැතිර වී
ත්‍රි ලෝක ධාතු කැළඹිණී
ප්‍රභාව රශ්මි පැතිරුණී
දෙව් බඹුන් දොහොත් නැඟී
වැස්ස, වැස්ස මල් වැසී
වන්දනාම ධම්ම 'කන්ධ
පුෂ්ප'හාර සමඟිනී
නමාමි සාදු බුද්ධ රාජ,
වාණයෙන් නිවී මිදී.