Friday, August 4, 2017

එක්තරා දුර කඳු අතර
රිදී නිම්නයක,
හමුවිය මට ගොනු..
කෙවිටක් නැති බැවින්
විඩාපත් වී මුලා වුණු..

කඳු යාය අතරින්
නිස්සාර හුළඟක ඝෝෂාව!
ගොපලුවෙක් වී වැයුවෙමි
රස හඬවන යස මුරලි නඳ!
ගොනුද සංසුන්ව ලැඟී.

රෑ ගණනක් තරු එළි බලා
මේ කඳුද, දුර කඳුද පසුකර
යාමට නියමිත ඉමක් ඇත..
වෙහෙසද දැන් මාධූර්‍යයක් වී,
මා ගොනු රැගෙන යමි
එතෙර ඉම දුර නැත!


2 comments:

කඳු said...

ඉතාමත් විඩාපත් මොහොතක
සිලිලාරයක් වී ගලා යයි ඔබේ කවි!!

මුතුණි said...

ස්තූතියි ඔබට!!
පමාවීයි දුටුවේ
ඇඟයුම! :)