Monday, August 20, 2012

නුඹ සිඹිමි සිඹින්නෙමි - හදක් සඳක් වූ නිසැයි











මම සොයමි සොයන්නෙමි 
ගසක් ගසක් කොළ බරින් 
මම වැලකි වෙලන්නෙමි 
මෙලෙක් මලක් පල බරින් 

නුබ ගැබෙහි නුඹ දුරකි 
සිතත් සිතත් නුඹ ළඟැයි 
නුඹ සිඹිමි සිඹින්නෙමි 
හදක් සඳක් වූ නිසැයි 

මම දකිමි දකින්නෙමි 
විලක්, වැවක් දිය පිරී 
මම ගිලෙමි ගිලෙන්නෙමි 
පෙමක් පෙමින් පින පිරී 

නුබ සැරිය නුඹ සරය 
ගනිම් ගනිම් සිත් වඩා 
නුඹ පුරමි පුරන්නෙමි 
බවක් බවක් සිත් පුදා

No comments: