Wednesday, August 22, 2012

බොලේ මේං මං නාකි වෙලා


















අම්බලමකි අස්තිර පොලකි..
නැවතීමක් නැති දුක්කිත තැනකි..
යමි නො-ඉදුම සොයා
මම නො-එමි සදා
අස්තිර පොලකි.. දුක්කිත තැනකි..

ගෙන්-ගෙට වළදන මහණ ගණයි
මං - රසමසු ලොබකන පුතක්ජනයි
නො බැඳී රසයේ.. හිඳිනෙම් වනයේ..
වණ දුරලමි වීරිය ගෙන දිවියේ..

තැවරෙන කුණු මළ මහා බයයි
තැන තැන නැවතුම මෝහයමැයි
නොබැඳී සසරේ.. දුරුලම් අඳුරේ..
එළි පාදමි මනුහට දුක් නිරයේ..

නිවස කඩා.. බිඳ ලූ මිනිසා..
දෙසුවත් බණ නැත දුක සිඳවා..
පින නැත පුරවා
වාණය උතුරා..
තව තව ලොබ රොඳ බඳින තුරා..

අම්බලමකි අස්තිර පොලකි..
නැවතීමක් නැති දුක්කිත තැනකි..
යමි නො-ඉදුම සොයා
මම නො-එමි සදා
අස්තිර පොලකි.. දුක්කිත තැනකි..

(වාදනයක යෙදුණු ග්‍රැමෆෝන් ගී තැටිය මත තෘෂ්ණිම්භූත ස්වරයෙන් සිටි කූඹි පොඩිත්තියක් සිහිනෙන් දැක බිරාන්තව හිමිදිරියේ ඇහැ ඇරී අවදි වීමි. බොලේ මේං මං නාකි වෙලා.)

No comments: