Friday, December 14, 2012

සිහින












පුර සඳක් යට ගහේ ඉත්තක
කුරුමිණි යුවළක් එක් වෙලා
ඉගිල යන තරු කැටය ගානේ
වෙළී , හීනෙක පැටලිලා

සඳට දුර නැති වලාවක සැඳි
මාලිගාවට පියඹලා
පිනි කඳුලු මත නැඟුණු දේදුනු
සඳ මඬල වෙත පා කළා

පින්න මෝදු ව හැලෙන මහ වැසි
පොලෝ තලයේ ඇති නිසා
මවක ගුණ සඳ නැවී මිහි මත
පැලින් පැල එබිකම් කළා

සැඬ සුළඟ මැද හදක් නංවන
ලෝ දියේ ගිනි සිහිලවා
සොයා මල්සර පිපුණු තැන් වෙත
සඳත් සොමි රැස් ඉහිරුවා

No comments: