Thursday, November 21, 2013

ගාමිණී ඔබ නමින් වැයූ, කොකතද වෙණ නද සිඳී ඇත අද










මණ්ඬුක නළා හඬ
සුමුදු ගුණයෙන් දැරූ,
හිරුත් දුටු සියපත් රුව
මා ප්‍රේම මියැසිය කන් යොමා නැත අද

ඇල් වී කෙත බඩ
කුඹුක් සෙවණැලි අතර
සෙවූ රන් මිණි උකුලත
සිහසුන් නැඟ ගත් සිහින දැක ඇත

'කණ්ඩුල' පා පියුම වැඳ

පිදු රජ කම ඔබට
බෝ පත් සෙවනක් යට
රන්වැලි සෑ රජුට කොත් පළඳා ඇත

රැව් දුන් හඬ සිදී

නාද වූ වෙණ තත් බිදී
ගාමිණී, ඔබ නමින් වැයූ
කොකතද වෙණ නද ද සිඳී ඇත අද

රණ ගොස ගුවනේ පා වී

මල්වැසි වස්සයි සාදු කාරය
ශාරදා මම්, වයන්නෙම්
රණවිරු මියැසිය ඔබ නමින් අද



3 comments:

සංකල්ප said...

මේ කවියත් මම රසවින්ඳා මුතූ !

සරත් ලංකාප්‍රිය said...

අපූරු කවි ටික.. ඇයි මේක සින්ඩියකට දෙකකට ඈඳන්නෙ නැත්තෙ ? ගොඩක් අය කියවයිනෙ එතකොට දරුවෝ ?

මුතුණි said...

බොහොම ස්තූතියි දෙන්නටම (මධු සහ සරත් ලංකාප්‍රිය)
සරත් ලංකාප්‍රිය- ඔබතුමා කියන දේ නම් ඇත්ත. ඒත් සින්ඩියකට යනව කියන්නෙ බැඳීම් වැඩිවෙනව වගේ දෙයක් නේද? :) මම අදහස් කළේ නිතරම කවි දාන්න වෙනවා, බ්ලොග් එක එක්ක නිතරම සම්බන්ධ වෙලා ඉන්න වෙන විදියෙ දෙයක් සින්ඩිය අපේක්ෂා කරනව නේද? ඒක එහෙම නම්, මට ඒක ටිකක් අපහසු දෙයක්. මොකද මම නිතර කවි ලියන්නේ නම් නෑ. කවි නලියන වෙලාවට කවි ලියවෙනව පමණයි. අනික බ්ලොගයක් එක්ක නිතර රැඳීමේ අපහසුව මට තිබෙනවා. මේ හේතු සින්ඩිය අපේක්ෂා නොකරනවා නම් ඔබේ අදහස සමඟ මම බොහොම සතුටුයි. :) ස්තූතියි ඔබේ අදහසට!