Thursday, November 25, 2010













වැහි පොදට ගුලිවෙන
හීන පිරි යාමෙක
තුෂරයක පා වෙවී
ගියෙමි ලන්ඩන් පුරයට

සීතලට ගල් වුණ
හුදකලා නිවෙසක
සෙනෙහසක් තනිවම
සිහිනයක් ගැන පවසන

ඉල් මහට වැඟිරෙන
හීන් පොද කඳුලට
ළමැද ගිනියම දොවයි
නෙත් කෙවෙණි දෙකකට

කවුළුවෙන් පිට වෙන
හදේ දුක් ගිනි කඳ
සිහිල් සුළඟක් ලෙසින්
නිවන්නෙමි ළබැඳිව.

2 comments:

මධුරංග said...

ලස්සන පද ගැලපීමක් !!!! මාතර අයට කවි ලියන හැටි උගන්වන්න ඕනේ නැහැනේ. උපතින්ම කවි කම් අරගෙන නේ එන්නේ !!! දෙපාරක්ම කියෙව්වා

Hasitha said...

kauda london giye .. kohoma unath amuthu hageemak enawaaaaa