Sunday, May 2, 2010

ඒරාශ්ටක අපලය

වේලා පත්කඩයත් ගෙන
ගොනු වීලා කුස්සියකට
දෙන්නා එක්කල තරඟෙට
කුටු කුටු කුටු
මහ සද්දෙට..

'දූට අපල එක දිගටම
විවා දෝෂයොත් යහමෙට'
අම්මා කොඳුරයි හෙමිහිට

'දෙන දීගයකුත් හරියට
ගලපා කල යුතු ය හොඳට'
තාත්තා පවසයි තදේට

ඔහොම ඉතින් මතුරනකොට
මාත් කේන්දරෙ බැලුකොට
අපල නේන්නම් හොඳටම!

දොස් නඟන්නෙ හැම විට මට
බඳින්නෙ නෑ නිසි වයසට
ගන්නේ නෑ එය වගකට

හැට පැයේම
කොඳුර,කොඳුර,
මතුර,මතුර,
ජප කරනා
එක ම අපලෙ

'විවා වීම...!
'

No comments: